පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමාව - Online Registration
ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (රත්මලාන) මඟින් මෙහෙයවනු ලබන ජාතික ළමා ලේකම් කාර්යාලයේ අනුමත පෙර පාසල් ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාව සඳහා මාර්ගගත (Online) මාර්ගයෙන් ලියාපදිංචි වීමට පහත පියවර 2 අනුගමනය කරන්න.
පියවර 1: අයදුම්පත බාගත කිරීම (Download Application Form)
පළමුව පහත Download Application Form බොත්තම ඔබා පාඨමාලා අයදුම්පත (PDF) ඔබේ පරිගණකයට හෝ ජංගම දුරකථනයට ලබාගන්න.
අයදුම්පත පූරණය කරන ආකාරය:
ක්‍රමය A: පරිගණකය හෝ ජංගම දුරකථනය හරහා PDF එක ඇරලා කෙළින්ම Digital ලෙස Type කර Save කරගන්න.
ක්‍රමය B: අයදුම්පත Print කරගෙන පෑනෙන් පුරවා එහි පැහැදිලි ඡායාරූපයක් (Photo / Scan) ලබාගන්න.
පියවර 2: ලේඛන සහ සහතිකපත් යොමු කිරීම (Upload Registration Documents)
අයදුම්පත සම්පූර්ණ කිරීමෙන් පසු, එය සහ ඔබේ අනෙකුත් සහතිකපත් අප වෙත යොමු කිරීම සඳහා පහත Upload Registration Documents බොත්තම ක්ලික් කරන්න. (එවිට ලේඛන ඇතුළත් කිරීමේ පෝරමය වෙනම විවෘත වේ).
එක් කළ යුතු ලේඛන:
සම්පූර්ණ කරන ලද අයදුම්පත (PDF හෝ Photo)
ජාතික හැඳුනුම්පතේ දෙපැත්තම පැහැදිලිව පෙනෙන ඡායාරූපයක්
අධ්‍යාපනික සහතිකපත් (O/L සහ A/L Result Sheets / Certificates)
